Triggers of Aggression ♾

නූතන සමාජයේ බරපතලම ගැටලුවක් ලෙස කලහාකාරීත්වය පත් වෙමින් තිබේ.සමාජයේ තනි පුද්ගලයාගේ සිට පිරිසකගෙන් සැදුම් ලත් කණ්ඩායම් දක්වා ව්‍යාප්ත වන මෙම හැසීම්‍ රටා නිසා රාජ්‍ය පාලනයේ වුවද උද්ගත වූ අසීරු අවස්ථා අපට ඉතිහාසයෙන් මෙන් ම වර්තමානයේ දනිරන්තරයෙන් වාර්තා වේ
➪ What’s Aggression ?

Physical or Verbal behaviour intended to cause harm.
ශාරීරිකව හෝ වාචිකව හිංසාකිරීමේ අරමුණින් සිදු කරනු ලබනා හැසිරීමක් කලහාකාරීත්වය ( aggresion ) ලෙස හදුන්වයි.

➪ Forms of Aggression

1. Physical
2. Verbal
3. Mental
4. Emotional
කලහාකාරීත්වය යනු හුදෙක්ම පහරදීමක් හෝ අනෙකාට තුවාල සිදු කිරීමක් පමණක්ව නොව,
චා චිකව සිදු කරනා ප්‍රකාශන් , උද්වේගකාරී හැසිරීම් රටා ,හානි පැමිණුවීමේ අදහසින් සිදු කරනු ලබන ක්‍රියාවලීන් ද කලහාකාරීත්වයෙහි විවිධ ස්වරූපයන් ලෙස හැදින්විය හැක.
ඇතැම් උග්‍ර අවස්ථාවන්හි මානසික බලපෑම් ද එල්ලවිය හැකි අතර කලහාකාරීත්වය , මානසික ගැටලු රාශියකට මග පාදයි.

•︎ Aggression is a common symptom of many psychiatric disorders.

➪ Mainly two types of aggression.
1. Hostile / Impulsive Aggression ( ආවේගී) : behavior intend to harm another , motivated by anger or hostility
2. Instrumental Aggression ( උපකාරී ) :also aims harm but mainly means to some other end. [ ex : when USA invade Iraq to overthrow Sad-am Hossain ]
Causation and Correlations
( හේතුකාරක හා සහසම්බන්ධතා )

මාධ්‍ය ප්‍රචන්ඩත්වය ( media violence ) කලහාකාරීත්වය ප්‍රේරණය ට ඍජුවම බලපාන‍ හේතුකාරකය වන්නෙ අද සමාජයේ සියලු දෙනාම එකිනෙකා අතර සන්නිවේදනය ට හෝ තොරතුරු දැන ගැනීමය යොදාගන්නා ප්‍රධාන සාධකය බවට පත්වෙමින්ය.
එය විද්‍යුත් තැපෑල වේවා , රූපවාහිනී වේවා , අන්තර්ජාලය වේවා,පුවත්පත් වේවා, ගු.විදුලි වේවා,සමාජ වෙබ් අඩවි වේවා සමාජීය හැසිරීම් රටා කෙරෙහි විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වී ඇත.
Whether its the news, radio, social media, video games or TV, the media is out there for everyone to see
Everything we see on the media can affect the way we think directly and easily. Violence for instance is a big influencer. If we are constantly seeing violence on the media this will trigger us to begin to have aggressive thoughts.
අවාසනාවන්තම කරුණ නම් ප්‍රේරණය ට වඩාත්ම පහසුවෙන් නැඹුරු වන්නේ ළමා පරපුරයි..
තමා නිතිපතා දකින , ඇසෙන දෑ පහසුවෙන් අනුකරණය කරනා ළමා පරපුර නොදැනුවත්ව ම තම විනෝදයා තකා අනෙකා ට හිරිහැර කිරීම් ( bullying ),සියල්ලන් මරුමුවට පත් කරමින් ලබා ගන්නා ජයග්‍රහණයන් සහිත පරිඝණක ක්‍රීඩා ( games ),
කලහාකාරී ආදහස් ඔප් නංවන කතාපොත් / ගීතයන් ( comics / songs ) , අනවශ්‍ය ලෙස අසැබි වෙබ් අඩවි භාවිතය ( pornography ) වැනි දෑට පෙළඹීම ,ඔවුහු අනාගතයේ ඍණාත්මක වූත් සාහසික වූත් දැඩි වූත් ආකල්ප ඇති පුද්ගලයන් බවට පත් වීමට පහසුවෙන් ඉඩ සළසයි.

➪ Other trigger factors :
• * Biological factors ( ජීවවිද්‍යාත්මක): genetics / testeterone level changes. කායික කලහාකාරීත්වය( physical ) ට පුරුෂයන් වැඩි නැඹුරුතාවක් දක්වයි. නමුත් කාන්තාවන් වැඩිපුර නැඹුරුත්වයක් වාචික කලහාකාරීත්වය සදහා දක්වයි ( verbal )
• * Alcoholic Usage ( මත්පැන් ) : කලහාකාරීත්වය උත්සන්නවීමට ඍජුවම බලපාන සාධකයක් ලෙස මත්පැන් හැදින්විය හැක. [ ඇමරිකාවේ සමීක්ෂණ වාර්තාවකට අනුව සමාන්‍යය අවස්ථාවන්ට මත්පැන් පානය කරන අවස්ථා වල කලහාකාරී හැසිරීම් 40% කින් ඉහළ බව සනාථ වී ඇත.]
• * Expose to violence words & images : දෘෂ්‍යමාන පරාසයක ඇති ආයුධ දැකීමෙන් , කලහකාරී , ප්‍රචන්ඩ දෙබස් නිතර ශ්‍රවණය වීමද නැඹුරුතාව වාඩි කරයි.
• Cultural & Environmental factors : කලහාකාරී වටපිටාව සිටීම පෙර සදහන් කල ලෙසටද විශේෂයෙන් දරුවන් තුල කලහාකාරී , දරුණු ආකල්ප ඇති වීමට ඇති නැඹුරුතාව ඉහළ නංවයි.
Ex : The southern United States has long been associated with greater levels of violent attitudes and
behaviors than the northern United States. In comparison to northern states, southern states have more homicides per capita, have fewer restrictions on gun ownership, allow people to shoot assailants and burglar.

•Physical pain & discomfort:air pollution ,heat ,climate changes
~ සුවිශේෂී කරුණ වන්නෙ ඉහත සාධක ප්‍රධාන වශයෙන් මූලිකව වන මෙහි ලා ඇතිවන නුරුස්සන ගතිය / නොසන්සුන්බව / අපහසුව / නොඉවසිලිමත්බව වැනි හේතුන් වේ. උදාහරණ ලෙස :උණුසුම් පාරිසරික තත්වයන් කලහාකාරීත්වය වැඩි කරන අතර සිසිල් පාරිසරික තත්වය
අඩු කරයි. මෙය අප සැවොම අත්දැක ඇති සංසිද්ධිය කි. භූ ගොලිය වශයෙන් ද ඝර්මකාලාපීය ( Middle East & most of African countries ) ජනයා ට සාපේක්ෂව උත්තරඩ්‍රැවයට ආසන්නව වෙසෙනා ජනයා ( Scandinavian countries & Canada ) සතුටින් කල් ගෙවන බවට සමීක්ෂණ වාර්තා ද ඇත.
☞︎ Beware of underestimate the power of three situational factors.

1. What we see
2. What we hear
3. What we Entertain by

අප දකිනා , අපට ඇසෙනා හා අප විනෝදයක් ලැබනා දේ මූලික කරගනිමින් නොදැනුවත්මව කලහාකාරී ආකල්පයන් ස්වල්ප සේ හෝ ප්‍රේරණය වන නිසා ඒ පිලිබදව නිවැරදි නිවැරදි
අවබෝධයකින් කටයුතු කිරීම අප සියලු දෙනාගේ සුබසිද්ධිය සදහා වැදගත් වේ.

"violence begets violence" means that violent behaviour promotes other violent behaviour, in return.

බුදුරජාණන් වහන්සේ ද දේශනා කල පරිදි වෛරයෙන් වෛරය නොසන්සිදේ , වෛරය නැසිය හැක්කේ අවෛරය ට පමණයි
ඉතින් අප වෛරය ආදරයට පෙරළාගැනිමින් ඒ ලෝක දර්මතාව සාක්ශාත් කරලීම ජීවන ගමනෙහි නියම අරුත් නොවේද ?

Hate begets hate; violence begets violence; toughness begets a greater toughness. We must meet the forces of hate with the power of love.
Our aim must never be to defeat or humiliate the white man, but to win his friendship and understanding. ~ Martin Luther King Jr.

~ පොඩිනිලමේ ఌ
You can follow @AbheethP.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled:

By continuing to use the site, you are consenting to the use of cookies as explained in our Cookie Policy to improve your experience.